Press "Enter" to skip to content

මොන්ටිසෝරි දරුවන්ගේ උදේ කෑමට වෙන්කළ ගාණ රජය ඉහළ දමයි

මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල සහ පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර ලබාදීම වෙනුවෙන් එක් දරුවකුට වෙන් කර තිබූ මුදල රුපියල් 60 සිට 100 දක්වා ඉහළට දැමීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව 2025 වර්ෂයේ සිට අඩු බර සහිත දරුවන් සිටින සියලු පෙර පාසල්වල දරුවන් 155,000 ක් සඳහා මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබාදීමට හිමිව තිබේ.

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය විසින් 2017 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික මඟපෙන්වීම යටතේ අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/පෙර පාසල් දරුවන් සදහා උදෑසන ආහාරවේල ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *