Press "Enter" to skip to content

TAGS 2024 සම්මාන උළෙලේදී DIMO සමස්ත රිදී සම්මානය දිනා ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන DIMO , පසුගියදා පැවැති TAGS 2024 සම්මාන උළෙලේදී සමස්ත රිදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙහිදී තවත් රන් සම්මානයක් සහ රිදී සම්මාන හතරක් DIMO වෙත පිරිනමන ලදී. ඒ අනුව Diversified Holdings (Group Turnover Up to 100bn )සඳහා වූ රන් සම්මානය මෙන්ම Integrated Reporting, Corporate Governance Disclosure – Non-Financial Services, Sustainability Reporting සහ Digitally Transformative Reporting යන අංශයන් යටතේ රිදී සම්මානයන් ද මෙහිදී DIMO වෙත හිමි විය.

මෙම අවස්ථාවට සහභාගි වූ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා සහ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී (CFO) සුරේෂ් ගුණරත්න මහතා විසින් සමාගම වෙනුවෙන් සමස්ත රිදී සම්මානය ලබා ගන්නා ලදී. ඩ්‍රැගන්ෆ්ලයි (Dragonfly) සංකේතවත් කරමින් ‘Agile By Nature’ තේමාව මුල් කරගෙන DIMO හි 2023/24 වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර ඇත.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *