ලෝකෙ ලස්සනම සිනහවකට හා රුවකට උරුමකම් කියන දීපිකාගේ හුරතල් දියණිය ‘දුවා’ (Dua Padukone) මේ ලෝකෙට ඇවිත් තවම මාස තුනක් විතර ඇති.
දීපිකාට දුවෙක් ලැබිලා කියන පුවත් ලෝකෙ පුරාම ආරංචි වෙනකොට ඇයට ආදරය කරන බොහෝ දෙනෙකුගේ ආසාව වුණේ දීපිකාගෙ දූ පැටියා දැක බලාගන්න එක.
ගොඩක් අය දීපිකා වගේම පෙනුම තියෙන පුංචි පදුකෝන් බලාගන්න පෙරුම් පුරන අතරේ දීපිකා ඇයව වඩාගෙන ඉන්න ඡායාරූප හතර අතේ ෂෙයාර් වෙමින් පවතී.
නමුත් තවමත් “දීප්වීර්”ලා දුවාගෙ කිසිම සමීප දසුනක් සහිත ඡායාරූපයක් හෝ ඇගේ මුහුණ අනාවරණය කරල නැහැ.
මේ වන විට සමාජ මාධ්‍ය හා ඇතැම් මාධ්‍ය විසින් පළ කර ඇති සියලුම ඡායාරූප AI ජනනය කළ ඡායාරූපයි.
2024 සැප්තැම්බර් 08 වැනිදා ඉපදුණු දුවා පදුකෝන් පළමුවරට මාධ්‍යයට දකින්න ලැබුණේ නොවැම්බර් 08වැනිදා ඇගේ මව වන දීපිකා පදුකෝන් සහ පියා රන්වීර් සිං සමඟ Kalina ගුවන්තොටුපළේ දීය. එය ඇගේ පළමු සංචාරය බවද සඳහන් වෙනවා.
ඒත් එම අවස්ථාවේදී ඇගේ මුහුණ මාධ්‍ය වෙත නිරාවරණය නොවූ අතර එම අවස්ථාවේ ඇය අම්මාගේ පපුවේ මුහුණ හංගාගෙන තද නින්දකට වැටී හිටියා.
එදිනම ඇය මේ ලෝකෙට පැමිණි පණිවිඩය මිලියන ගණනක් වන රසිකයින්ට ලබා දෙමින් ඇගේ බිළිඳු පා යුගලේ ඡායාරූපයක් පමණක් දීපිකා හා රන්වීර්ගේ සමාජ මාධ්‍ය පිටුවල පළ වී තිබුණා.
Be First to Comment