ස්වේච්ජා විශ්‍රාම වන්දි ක්‍රමයක් මඟින් සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවලට අනුව මේවනවිට විශ්‍රාම ගන්වා ඇති සේවකයින්ගේ වන්දි ලබාදීමේ ක්‍රමයේ ගැටලු මුල්කරගනිමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා සේවකයෝ විරෝධතාවයක නිරතවී සිටින බව අප වාර්තාකරු පවසයි.
ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය මාධ්‍ය ආයතනයන් හි දැනට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති ස්වේච්ජා විශ්‍රාම වන්දි ක්‍රමයට අනුව මීට දින කිහිපයට පෙර විශ්‍රාම ගත් සේවකයින් පිරිසකට අද දිනයේ වන්දි ලබාදීමට නියමිතව තිබුණද පරිපාලන අඩුපාඩු හේතුවෙන් එකී සේවකයින්හට එම වන්දි නොලැබීම හේතුවෙන් සංස්ථාව ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ තිබේ.
විරෝධතාවයට නිරත වූ ගුවන් විදුලි සංස්ථා සේවකයින් පවසන පරිදි සේවක සංඛ්‍යාව අඩුකර සංස්ථාව ඉදිරියට ගෙනයෑමේ තීරණයට අනුව ක්‍රියාත්මක කෙරෙන වන්දි ක්‍රමයට මෙම සේවකයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත.
කෙසේ නමුත් මෙම වන්දි ලබාදීම සඳහා නිකුත් කිරීමට නියමිත චෙක්පත් මේවනවිට සකස් අවසන් බවත්, ඇතැම් චක්‍රලේක ඈඳා ගනිමින් පාලන අංශයත් විගණන අංශයත් විසින් පාලනාධිකාරිය නොමඟ යවමින් චෙක්පත් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බවත්, පාලනාධිකාරිය ගෙන ඇති මෙම තීරණය හමුවේ විශ්‍රාමයට අයදුම් කරඇති සේවකයින් මේවනවිට මහත් අපහසුතාවකට පත්ව ඇති බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියි.
Be First to Comment