Press "Enter" to skip to content

ලෝවාමහාපායේ වයස හොයන්න කරන දේ

ලෝවාමහාපාය ප්‍රාසාදය කුමන කාල සීමාවකට අයත් ද යන්න නිශ්චිතව දැන ගැනීම සඳහා එහි කාල නිර්ණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ සඳහා එම ප්‍රාසාදයේ කැණීම් කටයුතු ලබන මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පැවසීය.

ලෝවාමහාපාය ප්‍රාසාදය සම්බන්ධයෙන් මේ වනතුරු කාල නිර්ණයක් කර නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පවතින්නේ මූලාශ්‍ර තොරතුරු පමණක් බවද හෙතෙම කීවේය. මීට පෙර අවස්ථාවලදී එහි කැණීම් කටයුතු කර ඇතත් එය කුමන කාලයකට අයත් දැයි විද්‍යාත්මකව තහවුරු කර නැත.

එබැවින් ප්‍රාසාදයේ කැණීම් කිරීමෙන් අනතුරුව එහි තොරතුරු විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට බලාපොරොත්තු වන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *