ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ජනපති උපදේශක පදවියට තෝරාගෙන ඇති තමිල්නාඩුවේ උපන් ශ්‍රී රාම් ක්‍රිෂ්ණන් එම තනතුරට පත්නොකළ යුතු බව ඇමරිකානුවන් තම එක්ස් ගිණුම් හරහා ප්‍රකාශ කර ඇත.
ඉන්දියානුවන් ආක්‍රමණිකයන් බවත් ඔවුන් පලවා හැරිය යුතු බවත් සමාජ මාධ්‍ය ජාලාවල සටහන් තබා තිබේ.
මෙහි විශේෂය වන්නේ ජනපති ට්‍රම්ප්ට සහාය දැක්වූ පිරිස්ම ශ්‍රී රාම්ට එරෙහිව අදහස් දැක්වීමයි.
ඉන්දීය ඇමරිකානුවකු වන ශ්‍රීරාම් ජනපති ට්‍රම්ප්ගේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව උපදේශකයකු ලෙස තෝරාගෙන තිබිණි.
Be First to Comment