Press "Enter" to skip to content

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් මඟින් දිවයින පුරා දන්සැල් රැසක්

ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම සහ වේගයෙන්ම වර්ධනය වන සාමාන්‍ය රක්ෂණ සේවා සමාගම වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පොසොන් සැමරුම් රැසක් සාර්ථකව පවත්වන ලදී.

එම පොසොන් සැමරුම්වලට සමගාමීව පොසොන් අසිරිය නැරඹීමට පැමිණෙන සැදැහැවතූන් වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සැල් රැසක්ද සංවිධානය කරන ලදී. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලය ඇතුළුව ගාල්ල, මහනුවර, දිගන, මොණරාගල, පොල්පිතිගම, දඹුල්ල, කලුතර, පොල්ගහවෙල, කුරුණෑගල, මාපලගම, රුවන්වැල්ල, බණ්ඩාරගම, අම්බලන්තොට, රත්නපුර, බදුල්ල, වෙන්නප්පුව, කඩුවෙල, ගම්පහ, හොරණ, කෑගල්ල, පොළොන්නරුව, මාතර සහ හෝමාගම යන ශාඛාවල පැවැති අයිස්ක්‍රීම් දන්සැල් සඳහා විශාල පිරිසක් සහභාගී වූහ.

“ආයතනයක් ලෙස අප සෑම විටම රටේ සංස්කෘතික හර පද්ධති ප්‍රවර්ධනය සඳහා දායක වෙනවා. යහපත් සමාජයක් ගොඩ නැගීමට ජනතාව ආගම් කෙරෙහි නැඹුරු වීම වැදගත් කාරණයක් ලෙස අප දකිනවා. පොසොන් උත්සවයට සමගාමීව අප ක්‍රියාත්මක කළ මෙම දන්සැල් මාලාව දානයෙහි ඇති වැදගත්කම මතු කරන්නක් ලෙස හැඳින්විය හැකියි.” සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ටිෂාන් සුභසිංහ මහතා පැවසීය.

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2019දී ඇරැඹූ අතර සණස රක්ෂණ සමාගමට වසර 30කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් ඇත. 2023 පළමු කාර්තුවේදී සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 53% ක වාර්තාගත වර්ධනයක් සනිටුහන් කරමින් ක්ෂේත්‍රයේ වැඩිම වර්ධන වේගය සහිත රක්ෂණ සමාගම බවට පත් විය. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ඉතා කෙටි කාලයකින් රක්ෂණ ක්ෂේත්‍රයේ නැගී එන සන්නාමයක් බවට පත් වීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ සමාගම හඳුන්වා දුන් රක්ෂණ සැළැසුම් හා පාරිභෝගිකයන්ට සැපැයූ විශිෂ්ට සේවයයි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *