Press "Enter" to skip to content

ශිෂ්‍යත්ව නඩුවේ තීන්දුව අධ්‍යයනය කර තීරණයක් ගන්නවා

පහේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව වඩාත් සුදුසුම විකල්පය අධ්‍යයනය කිරීමට යම් කාලයක් අවශ්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (31) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමිත් ජයසුන්දර මහතා,

“අද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගේ අතට ලැබුණා. පිටු 68ක තීන්දුවක්. වඩාත් සුදුසු තීරණය ගෙන ක්‍රියාත්මක වෙන්න කියලා අධිකරණය නියෝග කළා. මේක දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් සිටිනවා. විකල්ප 3 අතරින් වඩාත් සුදුසුම විකල්පය මොකක් ද කියලා මට එකපාරටම කියන්න පුළුවන්කමක් නැහැ. ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න ඕනෑ.

සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දෙන්න දින 40ක වගේ කාලයක් ගත වෙනවා. ඊට ප්‍රමුඛත්වය දෙන්න කටයුතු කරනවා.”

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වුණු 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු දීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කරමින් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මෙම අදහස් පළ කරනු ලැබීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *