Press "Enter" to skip to content

බෝ අත්ත කඩා වැටීමෙන් තවත් රැදවියෙක් මරුට

මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් අනෙක් රැඳවියා ද අද (3) අළුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්ය.

ඔහු දික්කසාද නඩුවක නඩත්තු නොගෙවීම හේතුවෙන් මාස 05 බැගින් මාස 10ක සිරදඩුවම් නියම වී සිරගතව සිටි අයෙක් බව වාර්තා වේ.

එමෙන්ම මොහුට විරුද්ධව විසඳීමට තවත් නඩු 06ක් පවතින බවත් සඳහන්.

ඒ අනුව බෝ අත්ත කඩා වැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් මියගිය ගණන 2ක් දක්වා ඉහළ ගියේය.

පෙරේරා (01) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් රැදවියන් 12 දෙනෙකු තුවාල ලැබූ අතර, ඔවුන් සියලු දෙනා මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

ඉන් එක් අයෙකු එදිනම මියගියේය.

මේ වනවිට තුවාල ලැබූ 7 දෙනෙකු යළි බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති අතර, තවත් තිදෙනෙකු සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටියි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *