Press "Enter" to skip to content

නව ව්‍යවස්ථාවක් සකස් කරන්නැයි කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව සිදුකරන ලද දුෂිත ක්‍රියාවන් විමර්ශනය කිරීමට අවශ්‍ය ශක්තිමත් යාන්ත්‍රණයක් බිහිකිරීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව උන්වහන්සේ පෙන්වා දෙයි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ කොළඹ අගරදගරු හිමිපාණන් අතර හමුවක් ඊයේ (05) පස්වරුවේ පැවති අතර ඉන් අනතුරුව කාදිනල් හිමිපාණන් මෙලෙස මාධ්‍යට අදහස් පළ කළේය.

“පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණ සැබෑ තොරතුරු හෙළිදරව් කරගැනීම තමා හුඟාක් වැදගත් වෙන්නේ. කවුද මේක කළේ, කුමන කාරණාවකට මේක කළේ, කාගේ සහයෙන් ද මේක කළේ, කියන එක සම්බන්ධව පුළුල් විමර්ශනයක් කළ යුතුයි. ලංකාව තුළ පසුගිය කාලයේ දී මේවාගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා. මිනීමැරුම්, අතුරුදන් කිරීම් ආදි හුඟාක් දේවල්වලට විමර්ශනයක් සිද්ධ වෙලා නෑ හරියාකාරව. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කරන ලද නොයෙකුත් දුෂිත ක්‍රියාවන් සියල්ල විමර්ශනය කරන්න අවශ්‍ය යාන්ත්‍රණය දැනට සකස් කරන්න කියන එක තමා අපේ ඉල්ලීම. එයට අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස සිදුකිරීම අවශ්‍යයි. දැනට පවතින ව්‍යවස්ථාව තුළ තියෙන නොයෙකුත් දුර්වලකම් ජයගැනීමට නව ව්‍යවස්ථාවක් තිබිය යුතුයි.”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *