Press "Enter" to skip to content

මගීන්ගේ ආරක්ෂාවට අයිතිවාසිකම් ලැයිස්තුවක්

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනූව බස් රථ සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍ර වල අඩංගු කොන්දේසි මෙන්ම පළාත් සභා වලින් බස් රථ ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ දී අඩංගු කොන්දේසි සියල්ල එක්කර ගනිමින් මෙම මගී අයිතිවාසිකම් ලැයිස්තුව පිළියෙළ කිරීමට කටයුතු කෙරෙන බව වාර්තා වේ.

අද දෙරණ කළ විමසීමක දී ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිලීප විතාරණ මහතා සඳහන් කළේ මෙම කරුණු සම්බන්ධයෙන් බස් රථ සංගම් සහ මගී සංගම් සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට නියමිත බවය.

පෞද්ගලික බස් රථ රියදුරන්ගේ සහ කොන්දස්තරවරුන්ගේ රැකියා සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා අවශ්‍ය වන කටයුතු ද මේ වන විට සකස්කරමින් පවතින බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිලීප විතාරණ මහතා සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *