Press "Enter" to skip to content

දෙමාපිය නොසැලකිල්ලෙන් අවුරුදු එක හමාරක දරුවෙකුගේ දිවි අහිමි වෙයි

දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය යාමේ සිද්ධියක් පසුගිය (4) වැනිදා සවස මඩකලපුව වැල්ලාවේලි පොලිස් වසමෙන් වාර්තා විය

මඩකලපුව දිස්ත්‍රික්කයේ පෝරදීවුඅත්තු යොවුන් ගොවිතැන් ව්‍යාපෘතියේ දී අවුරුදු එකහමාරක් වයසැති මුරුගේසු විකාන් නමැති පිරිමි දරුවා ඇළට වැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙයි.

මෙම දරුවා ඇළ අසල නිවසේ සිට ඇවිද යමින් සිටි අතර ඇළේ සෙල්ලම් කරමින් සිටියදී ජලයට වැටී ඇත.

ඇළට වැටුණු දරුවා කඩිනමින් පළුකාමම් ප්‍රාදේශීය වෛද්‍ය ගෙන ගියද රෝහලට ඇතුලත් කිරීමට පෙර දරුවා මිය ගිය බව වෛද්‍යවරු පවසයි

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දරුවා කළුවන්චිකුඩි මුලික රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් වෙල්ලාවේලි පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *