Press "Enter" to skip to content

ජනපති අරමුදලට බොරු තොරතුරු දී මන්ත්‍රීවරු වැඩිපුරත් සල්ලි අරන්

නීති සම්පාදකයන් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, ජනාධිපති අරමුදලින් අනුමත කරන ලද මුදල් උපරිම ප්‍රමාණයට වඩා ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (06) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය හමුවේ වාර්තාවක් ගොනු කරමින් පැවැසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය මහේස්ත්‍රාත්වරිය හමුවේ දන්වා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන සඳහා අධිකරණ සහාය අවශ්‍ය වුවහොත් නියෝග අයැදින ලෙසත් නියෝග කළාය.

සුභාෂිණී සේනානායක, ලෙව්කි රංගනා

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *