Press "Enter" to skip to content

වසර 2027දී සඳ ජයගැනීමට ඉන්දියාවෙන් කෝටි 375ක මෙහෙයුමක්

තවත් වසර දෙකකින් ගුවන්ගත කිරීමට නියමිත චන්ද්‍රයාන් -4 යානය අභ්‍යවකාශයේ රඳවා තැබීම සඳහා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පසුගියදා අන්ද්‍රා ප්‍රාන්තයෙන් ගුවන්ගත කළ යානා ද්විත්වය හෙට අභ්‍යවකාශයේ ස්ථානගත කිරීම සිදුවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. අභ්‍යවකාශයේ ස්ථානගත වන එම යානා ද්විත්වය වසර 2027දී ගුවන්ගත කරන මොඩියුලර් 5කින් සමන්විත චන්ද්‍රයාන් – 4 යානයේ මොඩියුලර් දෙකක් පෘථිවිය වටා කක්ෂගත කරමින් සඳ මතුපිටින් පස් සාම්පල් රැගෙන ඒම සඳහා එහි ලෑන්ඩරය මුදා හරිනු ඇති බවත්, තවත් මොඩියුලර් දෙකක් සඳ වටා කක්ෂගත වෙමින් සඳ මතුපිටින් පස් සාම්පල රැගෙන ඒම සඳහා මුදා හරින ලෑන්ඩරයට සහාය වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අමෙරිකාව, රුසියාව සහ චීනයට පසුව පෘථිවි කක්ෂයේ එවැනි යානා ස්ථාපිත කරන සිව්වැනි රට බවට ද ඉන්දියාව පත්වනු ඇතැයි වාර්තා වේ.

එම ගවේෂණාත්මක මෙහෙයුම සඳහා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය එරට මුදලින් රුපියල් කෝටි 375ක් වැය කර ඇති අතර, මිනිසුන් රහිත එම යානා ද්විත්වය අභ්‍යවකාශයේ ස්ථානගත කිරීමෙන් ඉදිරියේදී ඉන්දීය ගගනගාමීන් සහ උපකරණ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යෑම ද පහසු වනු ඇතැයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සභාපති එස්. සෝමනාත් ප්‍රකාශ කළ බවද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *