ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්ව ඊයේ දිනට (08) වසර 16කි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා ලෙස ලසන්ත වික්‍රමතුංග ජනතාව ඉදිරියේ බොහෝ වංචා දූෂණ හෙළිකළේ සිය දිවිය ද දෙවෙනි කොට සලකමින්ය. කිසිවෙකුට ළඟාවිය නොහැකි තොරතුරු වෙත සූක්ෂ්මව ළඟාවීමේ හැකියාවක් තිබූ ලසන්ත සදහටම ජනතාවට සැඟවෙන්නට තිබූ තොරතුරු රාශියක් හෙළිකළ මාධ්‍යවේදියෙකි.
මේ නිසාම ඔහුගේ ජීවිතයට තර්ජන එල්ලවූයේ වරක් දෙවරක් නොවේ.
අවසානයේ 2009 වසරේ ජනවාරි 8 වැනිදා උදෑසන 10.25ට සුපුරුදු පරිදි සේවා ස්ථානයට යමින් සිටි ලසන්ත විකුමතුංග ආයුද සන්නද්ධ මැරයින් අත්තිඩිය පාරේදී මරාදමන ලදී.
එසේ ඔහු මරා දමද්දී ඔහු සන්තකයේ වූයේ පෑනත්, සටහන් පොතත් පමණකි.
ජාත්‍යන්තරයේ විශිෂ්ට සම්මාන ගණනාවකින් ඇගයූ ලසන්ත, නොබියව කළ මෙහෙවර වෙනුවෙන් ඝාතනයෙන් පසුවත් අයි.පී.අයි. වර්ල්ඩ් ප්‍රෙස් ෆ්‍රීරීඩම් හීරෝ සම්මානයෙන් ඇගයීමට ලක් කළේ ය.
2016 සැප්තැම්බර් මාසයේ 27 වෙනි දා ලසන්තගේ සිරුර යළි ගොඩගත් අතර සැකකරුවන් කිහිපදෙනෙකු නීතිය හමුවට ඉදිරිපත් කළත් ඉන් පසුව ක්‍රියාවලිය ඇල් මැරුණි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුව වසර 16ක් පිරෙන අද දිනයේ උදෑසන 09ට අද දින ඔහුගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල පොදු සුසාන භූමියේ දී පවුලේ ඥාතීන් හා හිතවතුන්ගේ මූලිකත්වයෙන් ඔහු වෙනුවෙන් පුෂ්පෝපහාර සහ පහන් දල්වා සිහිපත් කිරීමක් සිදු කෙරිණි. එසේම අනුස්මරණ දේව මෙහෙයක් ද පැවැත්වුණි.
ඡායාරූප – රුක්මාල් ගමගේ
Be First to Comment