Press "Enter" to skip to content

එක දිගට දවස් 5ක් බැංකු වැසෙයි

එළඹෙන ජූනි 30 වන සිකුරාදා දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අති විශ්ෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ 1971 අංක 29 දරන නිවාඩු පනතේ 10(1) වගන්තියෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, 2023 ජූනි 30 විශේෂ බැංකු නිවාඩු දිනයක් විය යුතු යයි ප්‍රකාශ කරන බවයි.

මෙලෙස ජූනි 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් වීමත් සමඟම එකදිගට දින 5 ක කාලයක් බැංකු නිවාඩු දින ලෙසින් සැලකිය යුතු වනු ඇත.

ජූනි 29 බ්‍රහස්පතින්දා හජ්ජි උත්සවය හේතුවෙන් බැංකු වසා දැමීමත්, ඊට පසු සතියේ සඳුදා, එනම් ජූලි 03 දා අධි ඇසළ පුර පසළොස්වක පෝය දිනය යෙදී තිබීමත් හේතුවෙන් සතිඅන්තයේ සෙනසුරාදා (ජූලි01) සහ ඉරිදා (ජූලි 02) දිනයන් ද ඇතුළුව මේ අනුව එක දිගට දින 5 ක බැංකු නිවාඩු කාලයක් බලපැවැත්වෙනු ඇත.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *