Press "Enter" to skip to content

ඉනිමඟක් දිගේ නැඟ ළිඳට එබිකම් කළ දැරිය මරුතුරුලට

ළිං බැම්ම අසල තිබුණු ඉනිමඟක් දිගේ නැඟ ඒ තුළින් ළිඳට එබිකම් කරන්නට ගිය දෙහැවිරිදි දැරියක් ළිඳට වැටී මියගොස් ඇත.

මෙලෙස මරණයට පත්වූයේ මොහොමඩ් සජිත් මෙහ්රිස් අයිරා නමැති දෙහැවිරිදි දැරියකි. ඇය මෙම අනතුරට ලක්ව ඇත්තේ එරාවුර් මක්කාමඩි පාරේ ගෙවත්තකදිය.

මරණයට පත් දැරියගේ පියා කල්මුණේ අවන්හලක සේවය කරන අයකු බවත් මෙම දැරිය සහ ඔහුගේ බිරිය එම ගෙවත්තේ පිහිටි නිවසේ වාසය කර ඇති බවත් පොලීසිය පවසයි. ඔවුන් පදිංචි නිවෙසේ පිටුපස බැඳ තිබූ ළිඳක් අසලට ඉනිමඟක් තබා තිබී ඇති අතර ඒ දිගේ නැඟ ඇති දැරිය ඉන් ඇදවැටීමෙන් මරණයට පත්ව ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි ද පොලීසිය කියයි.

මව නිවෙසේ සිටියදී දැරිය මෙම ක්‍රියාව සිදු කර ඇති අතර අසල්වැසියන්ගේ සහාය ඇතිව දැරිය එම ළිඳෙන් ගොඩගෙන එරාවුර් මූලික රෝහලට ගෙන ගියත් එහිදී දැරිය මරුමුවට පත්ව ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

පොලිස් පරීක්ෂණවලින් පසුව, දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂක එම්. එස්. එම්. නසීර් මහතා විසින් මරණ පරීක්ෂණයක් පවත්වන ලද අතර එහිදී තහවුරු කරන ලද්දේ මරණය සිදුවී ඇත්තේ ළිං වතුරට වැටීමෙන් සිදු වූ අනතුරක් බවය. ඉන්පසු දරුවාගේ දේහය ඇගේ මවුපියන්ට භාරදී පසුව භූමදාන කරන ලදී.

 

මඩකලපුව සමූහ – ටී.එල්. ජව්ෆර්කාන්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *