Press "Enter" to skip to content

දුමින්ද සිල්වා හිරගෙදර සාමාන්‍ය වාට්ටුවකට

බන්ධනාගාර රෝහලෙහි රඳවා සිටි ආර්. දුමින්ද සිල්වා සිරකරු ඊයේ (16) වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබේ.

ඊයේ (16) ඔහු බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පැමිණ පරික්ෂා කර ඇති අතර එම වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ දුමින්ද සිල්වා තවදුරටත් බන්ධනාගාර රෝහලේ රඳවා තැබීමට අවශ්‍ය නැති බවයි.ඒ අනුව ඹහුව වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක් වන K-1 වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

බන්ධනගාර රෝහලෙන් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර වාට්ටුවකට පසුගිය 10 දා මාරු කළ දුමින්ද සිල්වා හදිසියේ අසනීප තත්වයක් නිසා කොළඹ ජාතික රෝහලට පසුගිය 10 දා රාත්‍රියේම ඇතුළත් කෙරිණි. එහි ප්‍රතිකාර අවසන්ව රැගෙන විත් පසුගිය 11දා යළිත් බන්ධනාගාර රෝහලෙහි රඳවා සිටි ඔහුට බන්ධනාගාර රෝහලෙහි ප්‍රධාන වෛද්‍යවරයා නිර්දේශ කර තිබුණේ බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා මෙම 15දා (බදාදා) බන්ධනාගාර රෝහල වෙත පැමිණ පරික්ෂා කර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙන තෙක් මෙම සිරකරුව බන්ධනාගාර රෝහලේ රඳවා තබන ලෙසයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් ලිඛිතව කළ ඉල්ලීමකට අනුව ,

අදාළ සිරකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ සාමාජිකයන් 18 දෙනකුගෙන් යුතු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්, ඔහුට තවදුරටත් බන්ධනාගාර රෝහල තුල නේවාසික ප්‍රතිකාර ලබා දීම අනවශ්‍ය බවට ලබා දුන් නිර්දේශ මත පසුගිය 10දා ඔහුව බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සිර වාට්ටුවකට මෙසේ මාරු කර යවන ලදී.

එමෙන්ම ඔවුන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ඕනෑම අවස්ථාවක හදිසි සංකූලතාවක් ඇති වුවහොත් ඒ සඳහා නොපමාව ප්‍රතිකාර ලබා දිය යුතු බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *