Press "Enter" to skip to content

බී.බී.සී නාලිකාවේ හොඳම සංචාරක ස්ථාන 10 අතරට ලංකාවත් එයි

ලොව ප්‍රකට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන බී.බී.සී. නාළිකාව මඟින් මේ වසරේ ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන 25ක් අතරින් 9 වැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව නම් කර නව සංචාරක මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ.

ලොව පුරා සංචාරයේ නිරත වන සංචාරකයන් සඳහා මේ වසරේ සිය පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් බී.බී.සී. නාළිකාව මේ ගෞරවය ශ්‍රී ලංකාවට පිරිනමා තිබීම විශේෂත්වයකි.

ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන 25ක් හඳුන්වා දෙමින් බී.බී.සී. නාළිකාව මේ මාර්ගෝපදේශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සංචාරකයන් සාදරයෙන් පිළිගන්නවා පමණක් නොව, ඔවුන්ට අද්විතීය සංචාරක අත්දැකීමක්ද ලබා දෙන බවයි.

එසේම මෙම ස්ථාන දේශීය ප්‍රජාවට සහාය වීමට, පරිසරය ආරක්ෂා කිරීමට හෝ ඔවුන්ගේ අද්විතීය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට සංචාරක කර්මාන්තය යොදා ගන්නා බවද බී.බී.සී නාලිකාව ප්‍රකාශ කරයි.

බී.බී.සී නාළිකාව විසින් ප්‍රකාශයට පත් කරන ලද මේ ශ්‍රේණිගත කිරීම් අනුව ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන අතර පළමු තැන හිමි කර ගෙන ඇත්තේ ඩොමිනිකාවයි. දෙවැනි ස්ථානය ජපානයේ නාඕෂිමාවට හිමිව ඇති අතර, තෙවැනි ස්ථානය ඉතාලියේ ඩෙලෝමයිට්ස් කඳුකරයට හිමි වී තිබේ.

25 වැනි ස්ථානය හෙවත් ශ්‍රේණිගත කිරීම්හී අවසන් ස්ථානය හිමි වී ඇත්තේ නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරටය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *