Press "Enter" to skip to content

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ පෞද්ගලික ආයතනයක් දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා දුම්රියක් වෙන් කරවාගෙන ඒ තුළ මෙම සම්බාහන ක්‍රියාවලිය සිදු කර ඇති බවයි.

අදාළ සම්බාහන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවද සමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

“මේ සිදුවීම වෙන්නේ සාමාන්‍ය ධාවනයට ලබා දුන් දුම්රියක නෙමෙයි, පෞද්ගලික ආයතනවලට පුළුවන් දුම්රිය වෙන් කරවාගන්න මුදල් ගෙවලා සංචාරක කටයුතු සඳහා යොදාගන්න. මේ ගැන විමර්ශනයක් කරනවා සංචාරක පොලීසියටත් දැනුම් දෙනවා මේ ගැන සොයා බලන්න කියලා. සිද්ධිය ගැන සොයා බලලා අදාළ අයගෙන් අලාභ අය කරගන්න කඩිනමින් කටයුතු කරනවා.” යනුවෙන් ද ඔහු පැවසීය.

පිළිමතලාව සිට කොළඹ දක්වා ගමන් කළ දුම්රියක් තුළ මෙම සම්බාහන සේවාව පත්වා ඇති අතර, පෞද්ගලික ආයතනයක් මුදල් ගෙවා මෙම දුම්රිය වෙන්කරවාගෙන ඇති බව අනාවරණය වී ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *