Press "Enter" to skip to content

සංචාරකයන් වෙනුවෙන් අභ්‍යන්තර ගුවන්ගමන් සේවයක්

විදෙස් සංචාරකයන් සීඝ්‍ර ලෙස මෙරටට පැමිනීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇතිව තිබෙන බැවින් එම සංචාරකයන්ගේ පහසුව සඳහා අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්‍ සේවා ඇමැති බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවක දී අවධානය යොමුව ඇත.

සංචාරකයන්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් ගුවන්තොටුපොළ පහසුකම් හැකිතාක් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද එහිදි සාකච්ඡාවට ලක්ව තිබේ.

ගුවන්තොටුපොළේ ඇතුළු වීමේ කවුන්ටර (check – in counters) විස්සක්වත් අලුතින් එක් කිරීමට හා ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට මෙරට ගුවන්තොටුපොළට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට ද මෙහිදී තීරණය විය.

2028 වසර වනවිට වාර්ෂිකව මිලියන 12ක පමණ ගුවන් මගීන් ප්‍රමාණයක් අපේක්ෂා කරන බැවින් දැන් සිටම ඊට සූදානම් වීම මඟින් මෙරට ප්‍රධානතම ආදයම් මාර්ග අතර ඇති සංචාරක ව්‍යාපාරය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකිවනු ඇතැයිද ඇමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, සංචාරක මණ්ඩලයේ සභාපති බුද්ධික හේවාවසම්, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, ගුවන්තොටුපො‍ළ හා ගුවන්‍‍ සේවා සභාපති චීෆ් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඇතුළු බොහෝ නිලධාරීහු පිරිසක් මේ විශේෂ සාකච්ඡාවට එක් වූහ.

රන්මලී සෝමසිරි

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *