Press "Enter" to skip to content

ලාෆ්ස් ගෑස් මිලට වෙන දේ

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පැවසුවේ, ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර එම තීරණ ගැනීම සිදුකරන බවය.

“ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් තවම නිකුත් වෙලා නෑ. එහෙම නිකුත් වුණාට පස්සේ අපි ආයතනයක් හැටියට ඉහළ කළමනාකාරීත්වය එක්ක එකතුවෙලා පාරිභෝගිකයින්ට ලබාදෙන්න පුළුවන් උපරිම සහනදායි මිල අපි අනිවාර්යයෙන්ම ලබාදෙනවා. ජනවාරි මාසයේ ලෝක වෙළෙඳපොළේ මිල ගණන්ම තියෙයි කියලා අනුමානයෙන් අපි ඉන්නේ. සමහර විට ඒක වෙනස් වෙන්න පුළුවන් අවසන් දින කිහිපය තුළ. ඒ නිසා පෙබරවාරි ගෑස් මිල ගැන දැන්මම කියන්න අමාරුයි.”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *