Press "Enter" to skip to content

ක්‍රිෂ් ගනුදෙනුවට නාමල්ට සිතාසි

ක්‍රිෂ් ගනුදෙනුව තුළින් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (5දා) සිතාසි නිකුත් කළේය.

විත්තිකාර නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහි අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කෙරිණි.

දූෂණ විරෝධී හඬ කමිටුවේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් 2016 වසරේදී කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ විමර්ශනවලින් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම නඩු පවරා තිබේ.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *