Press "Enter" to skip to content

මන්ත්‍රීන්ට වාහන පර්මිට් දෙන්නෙත් නෑ- රජයෙන් වාහන දෙන්නත් බැහැ

මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කිසිසේත්ම වාහන ආනයනය කිරීමට අදහස් නොකරන බව කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබානොදීමට රජය තීරණය කර ඇති නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන ලබාදීමට හැකියාවක් නැතැයිද ඇමැති නලින්ද ජයතිස්ස මහතා කීවේය.

මේ අවස්ථාවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම රජයේ ප්‍රමුඛතාවක් නොවන බව ඔහු අවධාරණය කළේය.

රජයේ ප්‍රතිපත්තිය අනාගතයේදී වාහන සංචිතයක් ඇතිකර මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම වුවත් මේ මොහොතේ එවැනි සංචිතයක් නැති නිසා එම සංචිතයෙන්ද මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට හැකියාවක් නැති බව ඔහු සඳහන් කළේය.

ආර්ථිකය ස්ථාවර කර ගත්ත මේ අවස්ථාවේ මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීම රජයේ ප්‍රමුඛතාවක් නොවෙයි. ඒ නිසා තම පිළිතුර වන්නේ ‘මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන දෙන්නේ නැත’ යන්න බවද මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *