සන්ඩේ ලීඩර් පුවත්පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයේ අපරාධ නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත.
ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිදුකරනු ලබන ලසන්ත ඝාතනය සම්බන්ධ නඩු විභාගයේදී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනකු නිදහස් කිරීමට නීතිපතිවරයා ලබාදුන් නිර්දේශ පිළිබඳ තමා දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය අදාළ ලිපියේ සඳහන් කර ඇත.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කර ඇති හමුදා බුද්ධි නිලධාරියකු ඇතුළු තිදෙනකු නිදහස් කිරීමට ඇති හැකියාව පිළිබඳව නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය මතය ලබාදී තිබුණි. පසුගිය 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කරන ලද ලිපියක මේ බව සඳහන් බව ද ඇය සිය ලිපිය මගින් අගමැතිනියට දැනුම් දී ඇත.
Be First to Comment