Press "Enter" to skip to content

විදුලි කප්පාදුව අදත්

අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, විදුලි කප්පාදුව සිදුකරන වේලාව පසුව දැනුම්දෙන බවය.

පසුගිය ඉරිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා පසුගිය 10 සහ 11 යන දිනයන්හි පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබීය.

ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් දක්වා පැය 06ක කාලසීමාව තුල කාණ්ඩ 04ක් ඔස්සේ එම විදුලි කප්පාදුව සිදුකිරීමට කටයුතු කර තිබුණි.

කෙසේවෙතත් ඊයේ (12) පොහොය දිනයක් වීම හේතුවෙන් අඩු විදුලි ඉල්ලුම සපුරාලීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වූ බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට මණ්ඩලය පියවර ගනු ලැබීය.

මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීයව පවතින අතර එහි නඩත්තු කටයුතු විදුලි ඉංජිනේරුවන් විසින් සිදුකෙරෙමින් පවතී.

අදාළ කටයුතු කඩිනමින් අවසන් කිරීමෙන් අනතුරුව ජනන යන්ත්‍ර සක්‍රීය කිරීමට කඩිනමින් කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

බොහෝ දුරට හෙට (14) දිනය වන විට නොරොච්චෝලේ බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *