2024.11.10 වැනි දින අම්බලන්ගොඩ පොලිස් වසමේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඌරවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු හා කාන්තාවක් ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මෙම අපරාධයට සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණය වූ සැකකරුවකු වන බටපොල පොලිස් වසමේ පන්සල පාර ඉදිරිපිට පොල්හුන්නාව ලිපිනයේ පදිංචි වැල්ලගේ චමත් හර්ෂක පැතුම් නමැති සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. සැකකරුගේ ඡායාරූප මාධ්‍ය වෙත යොමු කරන අතර සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. දුරකථන අංක – මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අම්බලන්ගොඩ – 071-8591484, කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇල්පිටිය – 091-2291095
Be First to Comment