පනය චාවකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වූ තමිලිනී සදීසන් මහත්මිය සිය සිරුරට ගිනි තබා ගැනීමෙන් 16 දා මියගොස් තිබේ.
පවුලේ ආරවුලක් මත සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය සියදිවි හානි කරගත් බවට තොරතුරු හෙළි වී ඇති අතර ඇය සමග ඇගේ කුස තුළ සිටි හය මාසයක බිළිඳු කලලයද මියගොස් ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සනාථ කොට තිබේ.
මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියට අවුරුදු හයක දියණියක්ද සිටී. මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්වාමියා යාපනයේ කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරියෙකු වන අතර ඔහු බිරිඳ රෝහල්ගත කරන විට ප්‍රකාශ කොට ඇත්තේ කාමරයක ඉටිපන්දමක් දැල්වීමට ගිය අවස්ථාවේදී සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සිරුරට ගිනි ඇවිළුණු බවයි.
යාපනයේ නීර්වේලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 ක් වූ මෙම නිලධාරිනිය සිය සේවාව දැඩි කැපවීමකින් ඉටු කළ නිලධාරිනියක වශයෙන් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටි නිලධාරිනියකි. මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේම්කුමාර් නාමශිවායම් මහතා විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය වී ඇත්තේ ඇය මාස හයක ගැබිනි කාන්තාවක් බවත් මවත් මවගේ කුසේ වූ දරු කළලයත් මියගොස් ඇත්තේ අධික ලෙස රශ්මියට පත් වී ඇති වූ අභ්‍යන්තර රුධිර වහනයකින් හා දැඩි කම්පනයකින් බවයි.
ඉදිරිපත් වූ සාක්කිවලට අනුව මෙම මරණය සිය දිවි හානි කර ගැනීමක් ලෙස යාපනය රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්. ජෙයබාලන් මහතා තීරණය කොට ඇති අතර මියගිය අයගේ මළ සිරුර ආදාහනය නොකොට යළි ගොඩගැනීමකට අවශ්‍ය වුවහොත් එය සිදු කිරීමට හැකි පරිදි වෙනම ස්ථානයක මිහිදන් කරන ලෙසටද නියෝග කොට තිබේ.
දිනසේන රතුගමගේ
Be First to Comment