Press "Enter" to skip to content

ගණේමුල්ල සංජීවගේ ඝාතකයාට නම් රැසක්

පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් (19) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන කරුණු රැසක් අනවාරණය කරගැනීමට පොලීසිය සමත්ව සිටියි.

ඔහු පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, පුත්තලම පාලවිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා නම් කිහිපයකින් පෙනී සිටි අයෙකු බවයි.

ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් තිබෙන බවත්, ඒ අතර නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරන බවට සකසන ලද නීතිඥ හැඳුනුම්පතක් තිබෙන බවද පැවසීය.

එමෙන්ම ඔහු පළමු අවස්ථාවේදී මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමින් පෙනීසිට ඇති අතර, පසුව සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනආරච්චි යන නම භාවිතාකර ඇත.

ඔහු ව්‍යාජ ලෙස සැකසූ නීතිඥ හැඳුනුම්පතක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නම එහි සඳහන්කර ඇත.

ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව ඉදිරි විමර්ශනවලදී මෙම සැකකරු සම්බන්ධ සැබෑ තොරතුරු සහ ඔහුට ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සියලු දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බවද හෙතෙම පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *