Press "Enter" to skip to content

සංජීවගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවකට

ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන පොලීසිය මේ වනවිට තවත් කරුණු රැසක් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව මෙම ඝාතනය සඳහා වෙඩික්කරු සහ කාන්තාව පැමිණ ඇත්තේ කඩුවෙල ප්‍රදේශයේ කාමර කුලියට ලබාදෙන හෝටලයක සිට බව අනාවරණය කරගෙන ඇත.

අදාළ හෝටලයේ සිට අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණීමට යොදාගත් ගම්පහ මල්වතු හිරිපිටිය ප්‍රදේශයෙන් කුලී පදනමට ලබාගත් ෆිට් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයද කොළඹ අපරාධ කොට්ඨාසය සිය භාරයට ගෙන තිබේ.

මේ අතර ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීවගේ දේහය අද (20) පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන එනු ලැබීය.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී අද දහවල් සිදුකෙරුණු අතර, දේහය භාර ගැනීම සඳහා ඔහුගේ වැඩිමහල් සහෝදරියක පැමිණ තිබුණි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *