Press "Enter" to skip to content

ලිට්රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා සිටියේ, ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දැමු බවත් එහි නව මිල රුපියල් 2,982ක් වන බවත්ය.

කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,198ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37කින් පහත දමා ඇති අතර එහි නව මිල 561ක් ලෙසත් පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

මෙය ලිට්‍රෝ ගෑස් සමාගම අඛණ්ඩව පහත දැමූ සිව්වන වතාව වන බවත් මුදිත පීරිස් මහතා පැවසීය.

ලබන වසරේ ජනවාරි මාසය වනවිට  විවෘත කිරීමට අපේක්සෂා කෙරෙන මාබිම කර්මාන්ත ශාලාවේ වැඩ මේ වනවිටත් ආරම්භ කර ඇති අතර දිනෙන් දින වැඩිවන ගෑස් පරිභෝජනය හේතුවෙන් මේ මඟින් ගෑස් සිලින්ඩර 50,000ක් වෙළෙඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වනබව මුදිත පීරිස් මහතා වැඩිදුරටත්පැ කියා සිටියි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *