Press "Enter" to skip to content

දේශබන්දු අත්අඩංගුවට ගන්න – මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඊයේ (28දා) නියෝග කළේය.

වැලිගම පැලෑන ප්‍රදේශයේ W15 නමැති හෝටලයට 2023 දෙසැම්බර් 31 දා වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව ඇති නඩුවක් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර තිබිණි.

හිටපු පොලිස්පතිවරයා ඇතුළු හයදෙනකු මේ අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අධිකරණයෙන් නියෝග කර තිබේ.

එම වෙඩි තැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මරුමුවට පත්විය.

විමර්ශනයක් සඳහා ගිය අවස්ථාවේ පොලිසියෙන් බව නොදැන හමුදාව සිදුකළ මෙම වෙඩි තැබීමෙන් එම පොලිස් නිලධාරියා මියගොස් තිබිණි.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා පදිංචි නිවෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සෝදිසි කර ඇතත් ඔහු ඊයේ එහි සිට නැත.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *