Press "Enter" to skip to content

ඛනිජතෙල් බෙඳුම්කරුවන්ට සැකයක්

ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක නිරත වන බවට සැකයක් මතුවන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එහි උපසභාපති කුසුම් සදනායක මහතා පැවසුවේ ඒ සඳහා රජය විවිධ උත්සාහ දරමින් සිටින බවය.

මේ අතර ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3ක කොමිස් මුදල කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් භාරදීමට ද කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සදනායක මහතා පැවසුවේය.

මේ අතර ලංකා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්කරුවන් ද ඉන්ධන ඇණවුම් අත්හිටුවීමට තීරණය කර තිබේ.

එහි සභාපති කෝසල විදානආරච්චි මහතා සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඇති කරන බලපෑම මත තමන්ට එක් ඇණවුමකින් රුපියල් 35,000ක පාඩුවක් සිදුවන බවය.

මේ අතර තෙල් බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පාලනය කිරීම සඳහා රජයට දැක්මක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *