Press "Enter" to skip to content

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සහ ඉන්ධන බෙදුම්කරුවන් අතර සාකච්ඡාවක් අද

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබාදුන් සියයට 3ක වට්ටම අඩු කිරීම සමබන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

අදාළ ගැටලුව හේතුවෙන් පසුගිය දින දෙක තුළ ඉන්ධන ඇණවුම් කිරීම ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් නතර කර තිබු අතර එය ඊයේ (03) රාත්‍රියේ සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කිරීමට එම සංගමය තීරණය කරනු ලැබීය.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම් සන්දනායක මහතා සඳහන් කළේ, අද පැවැත්වෙන සාකච්ඡාවේ දී සිය ගැටලුව සම්බන්ධයෙන් බළධාරීන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවය.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබාදුන් සියයට 3ක වට්ටම යළි ලැබෙතැයි විශ්වාසක් නොමැති බව ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා සඳහන් කළේය.

More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *