Press "Enter" to skip to content

හෙට රට පුරාම දොස්තරලා වර්ජනයකට

මෙවර අය-වැයෙන් වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින දීමනා කප්පාදුවට එරෙහිව හෙට (05දා) දීපව්‍යාප්ත වැඩවර්ජනයක යෙදෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (03දා) රජයට අනතුරු ඇඟවීය.

ඊයේ පැවති සංගමයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගත් බව එම සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය, ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය. සිය සංගමයේ තීරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“පසුගිය සතියේ අපේ සංගමය ජනාධිපතිවරයා හමුවුණා. අය-වැයෙන් කප්පාදු කළ අමතර දීමනා ලබා දෙන බවට එතුමා පොරොන්දු වුණා. නිවාඩු දින දීමනාව 20/1 විය යුතුමයි. අමතර රාජකාරි දීමනාව 81/1 විය යුතුමයි. 20/1 දීමනාව 30/1 කිරීමත්, 81/1 දීමනාව 120/1 කිරීමත් අපි පිළිගන්නේ නැහැ. වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව කියන්නේ අතිකාල දීමනාවක් නෙවෙයි. ජනාධිපතිවරයා මේ තත්ත්වය යටතේ වෛද්‍යවරුන්ගේ අභිමානයට අභියෝග කළ යුතු නැහැ. මේ දක්වා මේ ගැටලුවට සාධනීය විසඳුම් ලබාදී නැහැ. අපි රජයට කියනවා තුන්වන අය-වැය කියවීමේදී මේ තත්ත්වය සංශෝධනය කරන්න කියලා.

අපි කල් දෙනවා මාර්තු මස 05 දක්වා. විසඳුම් නැත්නම් අපි දීපව්‍යාප්ත වැඩවර්ජනයකට යනවා. 6 වැනිදා හෝ මෙය නිවැරදි නොකරන්නේ නම් 7 වැනිදාට පසු රජයට දෙවරක් හිතන්න වෙයි සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන විධිය පිළිබඳව. රජය මේ අභියෝගය කරන්නේ වෙද්‍යවරුන්ට නම් අපි ඒ අභියෝගයට මූණදෙන්න ලෑස්තියි.”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *