Press "Enter" to skip to content

යාල වනෝද්‍යානයේ මාර්ග කිහිපයක් අද සිට විවෘතයි

තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානය යේ සීමිත මාර්ග ප්‍රමාණයක් අද (05) සිට විවෘත කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ අද පස්වරු 2.00 සිට එම මාර්ග නැවත සංචාරකයන්ට විවෘත කෙරෙන බවය.

පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ මාර්ග පද්ධතියට සිදුවන හානිය අවම කර ගැනීම සහ එමගින් එහි පරිසරය පද්ධතියට වන බලපෑම අවම කර ගැනීම සඳහා යාල වනෝද්‍යානය මාර්තු 01 දින සිට තාවකාලිකය වසා දැමීමට පියවර ගත්තේය.

කෙසේවෙතත් වර්ෂාව හේතුවෙන් අබලන් තත්ත්වයට පත්වීමට හැකියාව ඇති මාර්ග තවදුරටත් සංචාරකයන්ට වසා තැබෙන ඇත.

අද උදෑසන කාලයේ යාල ජාතික උද්‍යානයට ලැබෙන වර්ෂා පතනය අනුව මේ තත්ත්වයයේ යම් වෙනසක් සිදුවිය හැකි බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *