Press "Enter" to skip to content

රනිල් සහ බටලන්ද කොමිසම අද කැබිනට් මණ්ඩලයට

1980 දශකයේ අගභාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වධහිංසා සහ නීතිවිරෝධී ඝාතනවලට දේශපාලන මැදිහත්වීම් පිළිබඳ විස්තර කෙරෙන දීර්ඝකාලීන ආන්දෝලනාත්මක ලේඛනයක් වන බටලන්ද කොමිෂන් සභා වාර්තාව, එය සම්පාදනය කිරීමෙන් වසර 25 කට පසු ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය මෙම සතියේ පැවැත්වෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

බටලන්ද නිවාස යෝජනා ක්‍රමය තුළ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බව සඳහන් කර ඇති වාර්තාව, ඔහු අල්ජසීරා නාලිකාව සමඟ ඉකුත් දා පැවැති සම්මුඛ සාකච්ඡාවකින් පසුව ප්‍රසිද්ධ කතිකාවතක් තුළ යළිත් කරළියට පැමිණ තිබේ.

The Sunday Morning, කළ විමසීමකදී රනිල් වික්‍රමසිංහට එරෙහි චෝදනා පිළිගන්නා බව පවසා ඇති අමාත්‍ය නලින්ද ජයතිස්ස, වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,”බටලන්ද අපරාධවලට රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බව අපි කවුරුත් දන්නවා, ඒක පොදු සත්‍යයක්. අපිට ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරන්න බැහැ.” යනුවෙනි.

කෙසේවෙතත්, රජය ගන්නා නිශ්චිත ක්‍රියාමාර්ග ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ඔහු, කැබිනට් සාකච්ඡාවෙන් පසුව තීරණයක් ගන්නා බව ද සඳහන් කර ඇත.

වාර්තාවේ සොයාගැනීම් මත පදනම්ව රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකිද යන්න විමසූ විට ඔහු පවසා ඇත්තේ, ඉදිරියේදී වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන බවයි.

ඉකුත් 6 වැනිදා අල්ජසීරා නාලිකාවේ විකාශය වූ Mehdi Hasan සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහට බටලන්ද කොමිෂන් සභා වාර්තාවට සම්බන්ධ චෝදනා ඇතුළු චෝදනා රැසක් එල්ල විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *