Press "Enter" to skip to content

වාහන මිල තවත් ඉහළට.!

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පවසන්නේ ජපානයෙන් මෙරටට ආනයනය කරන ලද වාහන 400 ක් පමණ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකිව අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

මේ හේතුවෙන් වාහනයක මිල තවත් රුපියල් 40,000 ත් 50,000 ත් අතර මිලකින් ඉහළ යනු ඇති බව ඔහු පවසයි.

මෙරටට වාහන 197 ක නැවක් මුලින් පැමිණි බවත්, දෙවනුවද වාහන සහිත නැවක් පැමිණි බවත්, ජපානයෙන් ආනයනය කරන ලද එකදු වාහනයක් මෙතෙක් නිදහස් කර ගැනීමට නොහැකිවී ඇති බවත් ඔහු පැවැසුවේය.

වාහන ආනයනය ප්‍රකෘති කිරීමේදී ගත් වැරදි තීන්දුවක් මීට බලපා තිබෙන බවද ඔහු කීවේය.

එසේම නිෂ්පාදිත දිනය මීට බලපා තිබෙන බවද ඔහු පැවැසීය.

මෙලෙස වාහන නිදහස් කර ගැනීමට ප්‍රමාද වීම මගින් හම්බන්තොට වරායේ වාහන ගාල් කිරීම සඳහා ලබාදී ඇති දින 10 ක නිදහස් කාල සීමාව ඉකුත්වන බැවින් දින 10 ට පසුව රුපියල් 30,000 ත් 40,000 ත් අතර අමතර ගාස්තුවක් ගෙවීමට සිදුව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *