Press "Enter" to skip to content

‘බටලන්ද ගැන පළමු කටඋත්තරය ලාල් කාන්තගෙන් ගන්න’- තලතා කියයි

බටලන්ද කොමිසම පිළිබඳව ඉදිරි විමර්ශන සිදුවන්නේ නම් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගෙන් පළමු කටඋත්තරය ලබාගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාළ පැවසුවාය.

ජවිපෙට විරුද්ධව සාක්ෂි ලබා දුන් ජවිපෙට එරෙහි ස්ථාවරයක සිටි ස්වාමීන් වහන්සේලා, ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිස් 1987/89 භීෂණ සමයේදී ඝාතනය කළ බවට ලාල් කාන්ත පසුගිය මැතිවරණයට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇතැයි මහලේකම්වරිය කීවාය.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඇමතිවරයාගේ එම ප්‍රකාශය බොහෝ දෙනෙකු නරඹා තිබූ බව ත් එම වීඩීයෝව තමා සතුව තිබෙන බවත් අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

ඇමැතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකර තිබීම බරපතළ තත්ත්වයක් බව ත් ඒ අනුව 1987/89 භීෂණ සමය පිළිබඳ විමර්ශනවලදී ලාල් කාන්ත පළමු සාක්ෂිකරු වශයෙන් කැඳවිය යුතු බව ත් ඇය පැවැසුවා ය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තලතා අතුකෝරාළ මේ බව කීවා ය.

එක්සත් ජාතික පක්ෂයට මෙම භීෂණ සමයේදී වැ ඩිම හානිය සිදුවූ බව කී මහලේකම්වරිය එම කාලය තුළ ඝාතනය වූ සියලු ම පුද්ගලයන් පිළිබඳව විමර්ශනයක් අවශ්‍ය යැයි පැවසුවාය.

එසේ ම, භීෂණ සමයේදී මියගිය එජාප පාක්ෂිකයන් 2000කට ආසන්න පිරිසට යුක්තිය ඉටුවිය යුතු බව ද ඇය සඳහන් කළා ය.

එජාප නායකයා ඇතුළු පක්ෂයේ සියලු දෙනා ඕනෑ ම විමර්ශනයක මුහුණ දීමටත්, වැරැදිකර ඇතැයි ඔප්පු වුවහොත් ඕනෑ ම දඬුවමක් විඳීමටත් සූදානම් බව ද මහලේකම්වරිය ප්‍රකාශ කළා ය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *