Press "Enter" to skip to content

ලංකාවේ පොලිස්පති තවමත් දේශබන්දු බව පොලිස් දෙපාර්තමේන්තුව කියයි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අනුව තවමත් පොලිස්පති ධුරය දරනු ලබන්නේ දේශබන්දු තෙන්නකෝන්ය.

පොලිස් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව 2024.02.29 වැනි දින දේශබන්දු තෙන්නකෝන් එම ධුරයට පත්ව ඇති අතර, ඔහු තවමත් එම ධුරයේ කටයුතු කරනු ලබයි.

කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් මේ වන විට සිටින්නේ අධිකරණ නියෝගයකට අනුව දුම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ලෙස විශේෂ ආරක්ෂාවක්ද යටතේය.

වැලිගම W15 හෝටලය පොලිස් නිලධාරීන් යොදවා ප්‍රහාරයක් එල්ල කිරීම සහ එහිදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම යන සිදුවීම් ආශ්‍රිතව ඔහුට අපරාධ චෝදනා ගණනාවක් එල්ලවී තිබේ.

එසේම දේශබන්දු තෙන්නකෝන් අධිකරණය මගහැර දින 20ක කාලයක් සැඟවී සිටි අතර, ඔහුට එරෙහිව විවෘත වරෙන්තුද නිකුත්කර තිබිණි.

දේශබන්දු තෙන්නකෝන් එලෙස තවමත් පොලිස්පති ධුරය දරද්දී, ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පති තනතුරේ කටයුතු කරනු ලබයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *