Press "Enter" to skip to content

පියුමි හංසමාලිගෙන් අභියෝගයක්

තමන් කිසිදු අවස්ථාවකදී තත්ත්වයෙන් පහළ ක්‍රීම් වර්ග අලෙවි නොකරන බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි පැවසුවාය.

තුර්කියේ සිට අදහස් දක්වමින් ඇය පෙන්වා දෙන්නේ එම ක්‍රීම් වර්ග තත්ත්වයෙන් බාල නම් කිසිදු අවස්ථාවක් තම මවට භාවිත කිරීමට ලබා නොදෙන බවය.

තම පුත්‍රයාද එම ක්‍රීම් වර්ග භාවිත කරන බවත් ඒවායින් අද වනතුරු සිය හැට හැවිරිදි තම මවට හා පුත්‍රයාට කිසිදු අතුරු ආබාධයක් ඇති වී නොමැති බවද ඇය සඳහන් කළාය.

කොටුවෙන් මිලදී ගන්නා ක්‍රීම් වර්ග තමන් අලෙවි කරන බවට හැකිනම් ඔප්පු කරන ලෙස ඇය විවෘත අභියෝගයක්ද කළාය.

සමාජයේ ඇති ප්‍රශ්න යටපත් කිරීම සඳහා තමන්ට විවිධ චෝදනා ඇතැම් පිරිස් විසින් එල්ල කරන බවත් සම පැහැපත් කරන ක්‍රීම් වර්ග 35000ක් පමණ මේවන විට ඇය විසින් අලෙවි කර ඇති බවත් පැවසුවාය.

තමන් මුදල් උපයාගත් ආකාරය ඔප්පු කළ යුතු තැන්වලට ඔප්පු කර ඇති බව පැවසූ ඇය තමන් සතුව කළු සල්ලි හෝ කුඩු සල්ලි නොමැති බවත් තමා භාවිත කළ මෝටර් රථය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව නොදැන සිය මිතුරියකගේ සැමියාට අලෙවි කළ බවත් ඒ හේතුවෙන් තමන්ට ඇතැම් පිරිස් චෝදනා කරන බවත් පැවසුවාය.

මේ අතර නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසන්නේ, පියුමි හංසමාලිගේ ක්‍රීම් වර්ග මිලදී ගත් පිරිස් කැඳවා තවදුරටත් ප්‍රකාශ ලබාගන්නා බවයි.

More from වින්දනීය පුවත්More posts in වින්දනීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *