Press "Enter" to skip to content

දේශබන්දුට වෙන නම් වලින් වත්කම්

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වත්කම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම විමර්ෂණ ආරම්භ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර නිවෙස පරික්ෂා කිරීමේදී එහි තිබී විදේශීය මත්පැන් විශාල ප්‍රමාණයක්ල විවිධ ආහාර වර්ග සහ තෑගි අඩංගු හැම්පර්ස් සොයා ගැනීමත් සමඟය.

ඒ අනුව පොලිස්පතිවරයා මුදල් විශුද්ධිකරණ පනත යටතේ යම් කිසි වරදක් කර ඇත්දැයි සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි.

ඇතැම් වත්තම් වෙනත් පුද්ගලයන්ගේ නම්වලට ලබා ගෙන ඇති බවටත් චෝදනා එල්ල වී තිබේ.

වෙනත් පුද්ගලයන්ගේ නම් භාවිත කරමින් වත්කම් ලබා ගෙන ඇත්දැයි විමර්ශනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා බලනු ඇතැයි ද පැවසෙයි.

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *