Press "Enter" to skip to content

රැවටෙන්න එපා.. අප්‍රේල් සිට ක්‍රියාත්මකයි.!

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සදහන් කළේ, මෙරට ක්‍රියාත්මක වීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා සේවාව අත්හිටුවීමට තීරණය කර ඇති බවට පළවන පුවත් සත්‍යයෙන් තොර බවයි.

මෙම පුවතත් ජනතාව නොමඟ යැවීමේ අරමුණින් ගොතන ලද්දක් බවත් එවැනි කිසිදු තීරණයක් ආණ්ඩුව හෝ අදාළ ආයතනය පාර්ශ්වයෙන් ගෙන නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් සදහන් කරයි.

මේ සඳහා dashboard පද්ධතියක අවශ්‍යතාවක් පවතින බවත් එම පද්ධතිය මෙරටට ගෙන්වා ගැනීමට යම්කිසි ප්‍රමාදයක් පවතින බවද අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් සදහන් කරයි.

කෙසේ වෙතත් එය ලැබුණු වහාම Starlink සේවාව එළඹෙන අප්‍රේල් මාසේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් සදහන් කරයි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *