Press "Enter" to skip to content

ඉදිරි දින කිහිපයේත් උෂ්ණත්වය ඉහළට

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රිකවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 අතර අවධානය යොමු කලයුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා,

“මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේත් බලාපොරොත්තු වෙන්න පුලුවන්. හේතුව මේක ප්‍රධාන වශයෙන් ඍතුමය තත්ත්වයක්. සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් වල හැම අවුරුද්දකම වගේ බලාපොරොත්තු වෙනවා. මිනිස් සිරුරට දැනෙන උණුසුමුක් පවතින නිසා විශේෂයෙන්ම ඉළිමහනේ වැඩකටයුතු කරන පිරිස වැඩි වශයෙන් දියර ද්‍රව්‍ය සහ ජලය පානය කරන්න. හැකි සෑම අවස්ථාවකම විවේක ගන්න පුලුවන් සෙවන තියෙන තැනක. සැහැල්ලු ලා පැහැති ඇඳුම් අදින්න පුලුවන්. රෝගී පිරිස සහ දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍යයි.”

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *