Press "Enter" to skip to content

ඉන්දියාවෙන් ලංගමට බස්රථ 500ක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාව ණය පදනම යටතේ ආසන 32 බස් රථ 500 ක් ප්‍රදානය කළේය.

මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට සංකේතාත්මකව පසුගියදා එම බස් රථ භාරදුන්නේය.

75 වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහනය වඩාත් ශක්තිමත් කිරීමට මෙම බස් රථ දිවයිනේ සියළුම ඩිපෝ හරහා ධාවනයේ යෙදවීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දුනක්නේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරු ද සහභාගි වූහ.

කතෘ – යොහාන් භාසුර
උපුටාගැනීම – ලංකාදීප

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *