Press "Enter" to skip to content

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි

‍මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පළමු පාසල් වාරයේ පළමු වන අදියර පසුගිය 14 වන දින අවසන් වුණි.

කෙසේවෙතත් රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අද දිනයේ නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබුණි.

මේ අතර මේ දිනවල පැපොල රෝගී තත්ත්වය දරුවන් අතර පැතිර යන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, එවැනි රෝග ලක්ෂණ සහිත ළමුන් සිටින්නේ නම් පාසල් වෙත යැවීම නතර කළ යුතු බවය.

මේ අතර මේ දිනවල පවතින අධික උෂ්ණත්වයත් සමග ජලය පානය කිරීම ඉතා වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *