උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
එමෙන්ම, භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් තොරතුරු පවතීනම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.
ආහාර ද්‍රව්‍ය මිලට ගනීමේදී ගඳ, සුවඳ, පැහැය සහ සාමාන්‍ය ස්වභාවය පිළිබඳව විම්සිලිමත් වන ලෙසත් ඇසුරුම් කරන ලද ද්‍රව්‍ය මිලදී ගැනීමේදී පැකට්ටුව,ලේබලය හා එහි වෙනස්කම් ගැන අවධානය යොමුකරන ලෙසයි එම සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
Be First to Comment