මියන්මාරයේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා පියවර ගන්නා ලෙස තමන් රජයට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ කියා සිටී” විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කියා සිටින අතර එමගින් වැඩිදුරටත් මෙසේද කියා ඇත.
මියන්මාරයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධයෙන් ලංකා රජය කනගාටුව පළ කර තිබෙනවා.මියන්මාරය ලංකාව සමග කිට්ටු සම්බන්ධයක් තිබෙන රටක්.ථෙරවාදී බුදු දහම සමඟ වන සමීප සම්බන්ධය අපට සහ මියන්මාරයට අන්‍යෝන්‍ය වශයෙන් තිබෙනවා.
අමරපුර සහ රාමඤ්ඤ නිකායන් දෙකේම සම්බන්ධය තිබෙන්නේ මියන්මාරයටයි.ථෙරවාදී බෞද්ධයන් සමඟ ළඟම සම්බන්ධය තිබෙන රටේ මෙවැනි විපතක් ඇති වූ විට අප තවදුරටත් ඔවුන්ට සහාය දිය යුතු බව මා යෝජනා කරනවා.
බුදුන් වහන්සේගේ උපන් බිම වන්නේ නේපාලනයයි.2015 වසරේ භූමිකම්පාව ඇති වූ අවස්ථාවේදී අප නේපාලයට සහන කණ්ඩායමක් යැව්වා.එමෙන්ම ඉන්දියාවට පසුව දෙවැනිව නේපාලයට ආධාර යැව්වේ ලංකාවයි.චීනයට පෙර අප ඔවුන්ට ආධාර ලබා දුන්නා.
අද මියන්මාරයට උදව් කිරීමට ඉන්දියාව, තායිලන්තය,මැලේසියාව,ඈත ප්‍රදේශවල තිබෙන ඕස්ට්‍රේලියාව, චීනය ආදී රටවල් සියල්ලම ආධාර ඒවා තිබෙනවා.එසේ නම් අපත් ඒ සඳහා පියවරක් ගත යුතුයි.මගේ යෝජනාව වන්නේ හමුදාවේ වෛද්‍ය බලකායේ සිටින වෛද්‍යවරුන් අතුළු කණ්ඩායමක් වහාම මියන්මාරයට යැවිය යුතු බවයි.
එම කණ්ඩායමට අවශ්‍ය උපකරණ ලබාදී මියන්මාරයේ තාවකාලික රෝහලක් පිහිටුවීමට කටයුතු කළ යුතුයි.
එපමණක් නොව ඔවුනට අවශ්‍ය ඖෂධ බෞද්ධ මෙන්ම බෞද්ධ නොවන අයගේ ආධාර මත එකතු කොට එහි යැවීමට හැකියාව තිබෙනවා.අප ඒ සම්බන්ධය ඇති කළ යුතුයි.රැන්ගුන් ගුවන් තොටුපලෙන් හෝ තායිලන්තයෙන් හෝ ඉන්දීය ගුවන් හමුදාව සමඟ අපට එහි යාමට අවස්ථාව තිබෙනවා.
බගාන් රාජධානියේ අනවර්තා රජතුමා සොලීන් පන්නා දැමීම සඳහා විජයබාහු රජතුමාට ආධාර එව්වා.එදා ඉදන් එරට සමග ළඟ සම්බන්ධයක් අපට තිබුණා.
මියන්මාරයයේ පන්සල් වල සමහර චිත්‍ර ලංකා සම්ප්‍රදාය අනුගමනය කර තිබෙනවා.ජාතක කතා වලට අමතරව එළාර රජුගේ කතාවත් ඒවායේ ඇතුලත් කර තිබෙනවා.මෙවැනි ප්‍රදේශ වලට ආධාර උපකාර කළ යුතු නම් අපට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් යැවිය හැකියි.
ගිය වසරේ ගාසා ගැටුම් වලින් අගතියට පත් වූවන් වෙනුවෙන් අප ලංකා රජයෙන් ඩොලර් මිලියනයක් දුන්නා.මේ අවස්ථාවේදී මියන්මාරයට යම් සහනයක් සැලසීම සඳහා පියවර ගන්නා ලෙස මම රජයට යෝජනා කරනවා.
Be First to Comment