Press "Enter" to skip to content

රන්දෙනිගල දූපතට 2007ත් රිලවු අරන් ගියා- වතුර හිඳුනු ගමන් උන් ඔක්කෝම ගමට ගියා

රන්දෙනිගල ජලාශය මැද පිහිටි දූපතට වඳුරන් රැගෙන යාමේ ව්‍යාපෘතිය 2007 පරිසර ඇමති ලෙස තමන් ද කළ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

“රටේ රිලවු රන්දෙනිගල දූපතට ගිහින් දානවලු. මම තමයි, 2007 පරිසර ඇමති. මටත් කීවා ඕක. මමත් ඔය දූපතට වඳුරෝ ගෙනිහින් දැම්මා. පායන කාලෙට ජලාශය සම්පූර්ණයෙන් හිඳෙනවා. ඊට පස්සේ උන් කිසි කතාවක් නැතිව අවට කඳුවලට ගියා. එච්චරයි වුණේ. මේවා අපි කලින් අත්හදා බලලා අසාර්ථක වෙච්චි වැඩ. මේ කට්ටියට ලනු දෙන අය ඒවා දැනගන්න ඕන.

මේ පාරවල්වල මුවෝ ඉන්නවා. මට කීවා මුවෝ අල්ලමු කියලා. ඉතින් අල්ලලා ලොරියක දාලා ළඟම වනෝද්‍යානය වන උඩවළවට අරන් යනවා. අනේ රත්නපුරට යන්න වුණේ නෑ බයවෙලා වැඩි හරියක් මැරිලා. ඉතින් මුවෝ ඇල්ලීම නතර කළා. මේවාට විද්‍යාත්මක විසඳුම් අවශ්‍යයයි.

වඳුරෝ බල්ලෝ බෝ ව්‍යාප්ත වෙන්නේ අපේ කෑම නිසා. කෑම නැත්නම් උන් එන්නේ නෑ. මේ අයට විද්‍යාත්මක ක්‍රමවේද කියලා දීලා වැඩක් නෑ. කියන්න කනගාටුයි මේ අය ඇත්ත වශයෙන්ම හරිම මෝඩයි.”

එක්සත් ජනරජ පෙරමුණේ ජන හමුවක් අමතමින් පාඨලී චම්පික රණවක මේ බව කීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *