Press "Enter" to skip to content

මාව හිරේ දැම්මට ප්‍රශ්නයක් නෑ… හැබැයි මගේ නෝනට අත තිබ්බොත් කරන දේ මන් දන්නවා

තමන්ව තවත් වරක් සිරගත කිරීමට ජනාධිපති අනුර දිසානයකට අවශ්‍ය නම් හැකි බවත් තමන්ව දහ වතාවක් සිරගත කළද තම බිරිඳව සිරගත කළහොත් කළ යුතු දේ තමන් දන්නා බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

වැටිණු රට ගොඩනැඟීම වෙනුවෙන් තමන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වූවද කිසිම විටෙක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හැර නොගිය බවද ඔහු සඳහන් කළේය.

ඉතාම දුෂ්කර අවස්ථාවේදි පවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සිටි තමන්ට පොදුජන පෙරමුණේ වේදිකාව අමුත්තක් නොවන බවද පැවසීය

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *